ඇමරිකාව ඩොලර් බිලියන 4ක යුධ උපකරණ ඉන්දියාවට විකිනීමට සැරසෙයි

සන්නද්ධ ඩ්‍රෝන යානා, මිසයිල ඇතුළු ඩොලර් බිලියන 4ක යුධ උපකරණ කට්ටලයක් ඉන්දියානු හමුදා වෙත විකිනීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

MQ-9B Predator වර්ගයේ මෙම ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් වූ ගනුදෙනුව 2023 වසරේ අගමැති නරේන්ද්‍ර මෝදි ඇමරිකානු සංචාරයක නිරත වී සිටිය දී එකඟතාවය පළ කරන ලද්දක් වනවා.

එම ගනුදෙනුව සඳහා මේ වන විට ඇමරිකානු කොන්ග්‍රසයේ අනුමැතිය ලැබීමත් සමඟ එය තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මේ යටතේ සන්නද්ධ MQ-9B SkyGuardian ඩ්‍රෝන යානා 31ක්, AGM-114R හෙල්ෆයර් මිසයිල 170ක් සහ ලේසර් කුඩා විෂ්කම්භයකින් යුත් බෝම්බ 310ක්, සන්නිවේදන සහ නිරීක්ෂණ උපකරණ සහ නිරවද්‍ය ග්ලයිඩ් බෝම්බයක් ඇමරිකාව විසින් විකිනීමට යන බවයි එම ගනුදෙනුවේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන General Atomics Aeronautical Systems ආයතනය සඳහන් කරනවා.