පැය 24 තුළ අමෙරිකාවෙන් කොරෝනා මරණ 2802ක්

ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 25න් ලක්ෂය ඉක්මවා ගොස්  තිබේ.

අද(22) උදෑසන වන විට ආසාදිතයින් 25න් ලක්ෂ 56,421 දෙනෙකු හදුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන් සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව හය ලක්ෂ 90,102ක් වෙයි.

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන්  මේ වන විට ලොව පුරා පුද්ගලයන් එක් ලක්ෂ 77,439දෙනෙකු  මියගොස් තිබේ.

මේ අතර ඊයේ දිනයේ ද අමෙරිකාවෙන් වැඩිම ආසාදිතයන් හා වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වෙයි.

ගතවු පැය 24 තුළ එරටින් කොවිඩ් මරණ 2802ක් සිදුව ඇති බව සදහන්ය.

මේ වන විට අමෙරිකාවේ පුද්ගලයන් අට ලක්ෂ 19,805 දෙනෙකු ආසාදිතයන් බවට පත්ව ඇති අතර මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 45,316ක් වෙයි.

ස්පාඤ්ඤය ද ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ.

එරට තුළ මරණ 21,282ක් ද සිදුව ඇති බවයි වාර්තා වෙයි.

මීට අමතරව ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය සහ බ්‍රිතාන්‍යය ආසාදිතයින් ලක්ෂය ඉක්මවු සෙසු රටවල් බවට පත්ව ඇති බවයි විදෙස් වාර්තා වල දැක්වෙයි.