උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂාව ඇරඹෙයි

2023/2024 අ.පො.ස. උසස් පෙළ උත්තරපත්‍ර සමීක්ෂණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මෙවර ද පසුගිය වසරේ ගෙවන ලද ගාස්තු ප්‍රමාණයම ඒ ආකාරයට උත්තරපත්‍ර පරීක්ෂා කරන ප්‍රධාන පරීක්ෂකවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට ගෙවීමට කටයුතු කරන බවයි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.