ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් මිල ඉහළ දැමීමත් සමඟ බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව බස් සංගම් අවධාරණය කරනවා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අද (01) සාකච්ඡා කරන බවයි.
සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසුවේ 10%ක බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය වන බවයි.
මේ අතර පාසල් වෑන් රථ ගාස්තු සම්බන්ධයෙන් දෙමාපියන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය තීරණ ගැනීමට සිය සාමාජිකයන්ට අවස්ථාව ලබා දී ඇති බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා ප්‍රකාශ කරනවා.
කෙසේවෙතත් මෙම අවස්ථාවේ ත්‍රිරෝද රථ ගාස්තුවේ ඉහළ නැංවීමක් සිදු නොකරන බවයි ත්‍රිරෝද රථ සංගම් සදහන් කළේ.

