ගුජරාට් ප්‍රාන්තයේ භූ කම්පනයක්

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කච්ච් ප්‍රදේශයේ අද (01) පෙරවරු 8.06ට පමණ භූමිකම්පාවක් සිදු වී තිබෙනවා.

මෙම භූමිකම්පාව කිලෝමීටර 15ක් පමණ ගැඹුරින් සිදු වී ඇති බවයි ඉන්දියාවේ භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 4.1ක් ලෙසයි සටහන් වී තිබෙන්නේ.

මෙම භූමිකම්පාව හේතුවෙන් සිදු වූ ජීවිත හානි හෝ දේපළ හානි සම්බන්ධයෙන් තොරතුරු මේ වන තෙක් වාර්තා වී නැහැ.