“අලුත් ගමක් අලුත් රටක් ව්‍යවසායක රාජ්‍යයක්” යන සංකල්පය යටතේ දිළිඳු සහ අන්ත දිළිඳු පවුල් අතරින් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසනවා.
එහි දී එම අස්වැසුම නම් වූ සමාජ ආරක්ෂණ ක්‍රමවේදය යටතේ ලක්ෂ විස්සක් වන ප්‍රතිලාභීන්ට මුදල් ලබා දීමේ ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් ඔවුන් සවිබල ගැන්වීමක් සිදු වනු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
එහි එක් පියවරක් ලෙස ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සමතුන් 10,000ක් විදේශගත කිරීම සිදු කරන අතර විදේශ රැකියා ලක්ෂයක් ලබාදීමට ද ඉලක්ක කර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
එසේම එම ප්‍රතිලාභීන්ට වෘත්තීය පුහුණු සඳහා ප්‍රතිපාදන ලබා දීම, විදේශ වෙළඳ පොල ඉලක්ක කරගනිමින් ප්‍රධාන වශයෙන් තේ, කුරුඳු සහ ගම්මිරිස් වැනි බෝග වගා කිරීම සඳහා ඔවුන් යොමු කරවීම මෙහි දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
සමෘද්ධි නිලධාරීන් සහ කළමණාකරුවන් 25,000කට අධික පිරිසකට උසස්වීම් ලබා දෙමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ද සංවර්ධනය කිරිමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

