ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක්

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක් ඉස්ලාමාබාද් අගනුවර විශේෂ අධිකරණය විසින් නියම කර තිබෙනවා.

ඒ රාජ්‍ය රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු බවට අධිකරණය තීන්දු කිරීමත් සමඟයි.

2022 දී බලයෙන් නෙරපා හරින ලද ඛාන් ඔහුට එරෙහි සියලු චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර ඔහු පෙන්වා දෙන්නේ ඒවා දේශපාලන පළි ගැනීම් බවයි.