මින් පෙර Twitter ලෙස හඳුන්වන ලද X නම් සමාජ මාධ්‍ය ජාලයේ ටේලර් ස්විෆ්ට් ගේ සෙවීම් සඳහා තාවකාලික අවහිරයක් පනවා තිබෙනවා.
ඒ ටේලර් ස්විෆ්ට් ගායිකාවගේ AI භාවිතා කරමින් නිර්මාණය කරන ලද පින්තූර X හි වේගයෙන් සංසරණය වීමට පටන් ගැනීමත් සමඟයි.
X හි ව්‍යාපාරික මෙහෙයුම් ප්‍රධානී Joe Benarroch කියා සිටියේ මෙම අවහිරය ගායිකාවගේ ප්‍රතිරුපයේ ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක කරන ලද තාවකාලික පියවරක් වන බවයි.
මෙම AI භාවිතයෙන් නිර්මාණය කරන ලද ව්‍යාජ ඡායාරුප සහ එහි සත්‍ය ඡායාරුප මෙම සතියේ මුල X හි share වීම ආරම්භ වුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ධවල මන්දිරයේ ද අවධානය යොමු වී ඇති අතර එහි මාධ්‍ය ලේකම් Karine Jean-Pierre පැවසුවේ මෙලෙස AI භාවිතයෙන් නිර්මාණය කරන ලද ඡායාරුප අනාගතයේ දී කාන්තාවට විශාල අර්බුධයක් ද ඇති කළ හැකි බවයි.
එසේම සමාජ මාධ්‍යවල AI තාක්ෂණය අනිසි ලෙස භාවිතා කිරීම මැඩපැවැත්වීම සඳහා නීති සම්පාදනය කළ යුතු බවත් ඇය සඳහන් කර සිටියා.
දැන් X හි ඔබ Taylor Swift ලෙස සෙවූ විට පහත ආකාරයේ යමක් ඔබට දැකිය හැකි වනවා.


