සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් ඒකාබද්ධව අනිද්දා උදෑසන 06.30 සිට සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙනවා.
ඒ, රජය විසින් වෛද්‍යවරුන්ට ලබාදීමට තීරණය කර ඇති රුපියල් 35,000 දීමනාවට තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමිනුයි.
මෙම වර්ජනය සදහා පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥවරුන්, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්, ඖෂධවේදීන් මෙන්ම හෙද සේවාවද එක්වීමට නියමිතයි.
එසේම අතුරු වෛද්‍ය සේවාවට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්,අක්ෂි තාක්ෂණවේදින්, දන්ත කාර්මිකයින්, මෙන්ම සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවා, සෞඛ්‍ය ගිලන් රථ සේවකයින් ඇතුලු වෘත්තීය සමිති 72 ක් එක්වන බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව අනිද්දා දිනයේදී දිවයින පුරා රෝහල්වල වෛද්‍ය සේවා සැපයීම හැර අනෙකුත් සේවාවන් අඩපණ වනු ඇති බවයි සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය අවධාරණය කළේ.

