වාර්තාවක් ද තබමින් තේරී පත්වුණු තායිවාන ජනාධිපති

අද පැවැත්වුණු තායිලන්ත ජනාධිපතිවරණයේ දී චීන විරෝධී පාලක ප්‍රජාතාත්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත්වූ William Lai එරට පාලකයා ලෙස තේරී පත් වී තිබෙනවා.

ඔහු ඔහු මිලියන 5කට අධික ඡන්ද ප්‍රමාණයක් දිනා ඇති අතර මෙලෙස මිලියන 5 ඡන්ද සීමාව පසු කළ පළමු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහු වාර්තා අතරට එක්ව තිබෙනවා.

William Lai චීනයට වඩා ඇමරිකාව සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් මෙම ඡන්ද ප්‍රතිඵලය සමඟ චීන රජය එතරම් සතුටු නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ හේතුවෙන් ඡන්ද ප්‍රතිඵල නිකුත් වී ස්වල්ප මොහොතකින් තායිවානය යනු චීනයේ කොටසක් ලෙස ප්‍රකාශයට පත් කරමින් චීන රජය විසින් ප්‍රකාශයක් ද නිකුත් කර තිබෙනවා.

එරට යුද්ධය සහ සාමය අතර වූ තෝරා ගැනීමක් ලෙස මෙවර ජනධිපතිවරණය හැඳින්විය හැකි වුවා.