වැට් වැඩි කිරීමට එරෙහිව සජබය පාරට

වැට් කිරීම සම්බන්ධයෙන් විරෝධය ප්‍රකාශ කිරීමට ලබන 30 වැනිදා ජනතාව පාරට බස්සන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබෙනවා..

එදා පළමුවෙන්ම ජනාධිපති කාර්යාලය අසලට ගොස් සටන පටන් ගත්තේ ද සමගි ජන බලවේගය බව කී මරික්කාර් මහතා ලබන 30 වැනිදාටත් අළු මතින් නැගිට ජනතාව සමග එය ආරම්භ කරනා බවයි මරික්කාර් මහතා සඳහන් කළේ.

එසේම අමතක වූ ඉතිහාසය නැවත ආණ්ඩුවට මතක් කර දෙන බව කී මන්ත්‍රීවරයා ආණ්ඩුව එළවා දැමීමට පියවර ගන්නා බවයි වැඩිදුරටත් පැවසුවේ.