දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මගින් සිදු කෙරෙන සංවර්ධන හා සුබසාධන කටයුතු ජූලි මස 31 වැනිදාට පෙර අවසන් කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලුම ආණ්ඩුකාරවරුන්ට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
එම වැඩපිළිවෙල අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් විශේෂ කැබිනට් අනු කමිටුවක්ද පත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග,සංචාරක ඉඩම් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු,වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත එම කමිටුවේ සාමාජිකයන් වනවා.
මෙම සංවර්ධන හා සුබසාධන වැඩපිළිවෙල සඳහා වෙන්ව ඇති සම්පූර්ණ මුදල රුපියල් මිලියන 11,250කි.

