ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූ කම්පනයක්

ඇෆ්ගනිස්තානයේ රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලතත්වයකින් යුතු භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා.

කම්පනය ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පස්වරු 2.30ට පමණ ඇති වුණු බවයි ඉන්දියාවේ භූ කම්පන විද්‍යාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

මෙම කම්පනය ඇෆ්ගනිස්තානයට අමතරව පාකිස්තානය, ඉන්දියාව, තජිකිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවලට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කම්පනය හේතුවෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.