දිස්ත්‍රික්ක 4කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4කට නායයෑමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ මහනුවර, මාතලේ, නුවරඑළිය සහ මොණරාගල දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන පනවා ඇති බවයි.

ඒ අතරින් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත යන ප්‍රදේශවලට ඇම්බර් වර්ණයේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදන අද පස්වරු 3.00 සිට හෙට පස්වරු 3.00 දක්වා වූ පැය 24ක කාලයට වලංගු බවයි සඳහන් වෙන්නේ.