රුපියලේ සුළු අවප්‍රමාණය වීමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 317.83ක් ලෙස සහ විකුණුම් මිල රුපියල් 327.54ක් ලෙස සටහන් වී තිබෙනවා.

එසේම ගල්ෆ් මුදල්වලට සාපේක්ෂව ද රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.