ඈන් කුමරිය දිවයිනට

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ සොහොයුරිය වන ඈන් කුමරිය සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

අද දහවල් 1.00ට පමණ ඈන් කුමරිය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 504 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් ඈන් කුමරිය දිවයිනට පැමිණ තිබෙනවා.

දින දෙකක් කාලයක් මෙරට රුදී සිටීමට නියමිත ඈන් කුමරිය මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වැඳපුදා ගැනීමට නියමිත බවයි සඳහන්.