වසා දැමූ තානාපති කාර්යාල කිහිපයක් යළි විවෘත කෙරේ

ශ්‍රී ලංකාව මුහුණදුන් අර්බුද හේතුවෙන් 2021/2022 කාල පරිච්ඡේදය තුළදී තාවකාලිකව වසාදමන ලද ශ්‍රී ලංකා දූත මණ්ඩල කිහිපයක් නැවත විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, සයිප්‍රසයේ නිකෝසියා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ ජර්මනියේ ප්‍රැන්ක්ෆර්ට්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මෙන්ම ඉරාකයේ බැග්ඩෑඩ්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙලෙස නැවත විවෘත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුණි.