සුනඛයන්ගේ ආරක්ෂාව සඳහා දකුණු කොරියාවේ අලුත් නීතියක්

සුනඛයන් ඝාතනය කිරීම සහ ඔවුන්ගේ මස් සඳහා විකිණීම නීතිවිරෝධී කරමින් දකුණු කොරියානු පාර්ලිමේන්තුව විසින් නව නීතියක් සම්මත කර ගෙන තිබෙනවා.

මෙම නව නීතිය 2027 වන විට බලාත්මක වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මේ වන විට එම කර්මාන්තය ආශ්‍රිතව සිට ජීවිකාව සකස් කර ගෙන සිටින පුද්ගලයන්ට වෙනත් රැකියා සහ ආදායම් මාර්ග සොයා ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දීමට මෙලෙස එම නිතිය ක්‍රියාත්මක කිරීම 2027 දක්වා කල් දමා තිබෙනවා.

නව නිතිය යටතේ බල්ලන් මස් කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන අයට වසර තුනක සිර දඬුවමක් ද, මස් සඳහා බල්ලන් ඇති දැඩි කිරීම හෝ බලු මස් විකිණීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින්ට උපරිම වශයෙන් වසර දෙකක කාලයක සිර දඬුවමක් ද ලැබෙනු ඇත.

2023 දී දකුණු කොරියාවේ සුනඛ මස් අවන්හල් 1,600 ක් සහ සුනඛ ගොවිපල 1,150 ක් පවතින බවයි කොරියානු රජයේ දත්ත වාර්තා කරන්නේ.