චීනයේ ඇති Tesla කාර් මිලියන 1.6ක් නැවත කැඳවයි

සුක්කානම සහ දොර අගුලු දැමීමේ පද්ධතිවල ඇති වී ඇති ගැටළු කිහිපයක් හේතුවෙන් චීනය වෙත යවන ලද වාහන මිලියන 1.6 කට වඩා ආපසු කැදවීමට ටෙස්ලා සමාගම පියවර ගෙන තිබෙනවා.

චීනයේ නිෂ්පාදිත S, X, 3 සහ Y යන ටෙස්ලා මාදිලි වල වාහන සහ ආනයනය කරන ලද වාහන 7,538ක් මීට ඇතුලත් වන බවයි චීනයේ ටෙස්ලා සමාගම් නියාමකවරයා සඳහන් කර ඇත්තේ.

ටෙස්ලා සමාගම සඳහන් කර ඇත්තේ අදාළ මෘදුකාංග (software) update කිරීම හරහා මෙම ගැටළු නිරාකරණය කළ හැකි බවයි.

මීට මසකට පමණ පෙර ද autopilot software වල පැවති ගැටළු කිහිපයක් හේතුවෙන් ඇමරිකාවේ ටෙස්ලා වාහන මිලියනකටත් වඩා වැඩි ප්‍රමාණයක් නැවත කැඳවනු ලැබුවා.

චීනයේ BYD විසින් විද්‍යුත් මෝටර් රථ අලෙවි ක්ෂේත්‍රයේ ටෙස්ලා සමාගම පසුකරමින් සිටින අවස්තාවක මෙලෙස ටෙස්ලා වාහන වල විවිධ දෝෂ ඇති වීම එහි විකිණුම් තවත් අඩු කරනු ඇති බවයි විචාරකයන් පවසන්නේ.