ඊයේ පැවැත්වුණු ආන්දෝලනාත්මක මැතිවරණයෙන් බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා (Sheikh Hasina) අඛණ්ඩව සිව්වැනි වරටත් අගමැති ධුරයට තේරී පත් වී තිබෙනවා.
ඇයගේ පක්ෂය වන අවාමි ලීගය පාර්ලිමේන්තු ආසන 300 න් 223 ක් ජයග්‍රහණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
බංගලාදේශයේ ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය ඡන්දය විසින් මෙම මහමැතිවරණය වර්ජනය කිරීමත් සමඟ ඉතිරි පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ද අවාමි ලීගය විසින් හිමි කර ගනු ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙවර බංගලාදේශ මහමැතිවරණය විවිධ අර්බුධ රැසක් මධ්‍යයේ පැවති අතර ඒ හේතුවෙන් සුදුසුකම් ලත් ඡන්දදායකයන්ගෙන් 40% ක් පමණ ඉතා අඩු පිරිසක් පමණක් මෙවර ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
1996 දී ප්‍රථම වරට අගමැති ධුරයට පත් වූ ෂීක් හසීනා නැවත 2009 දී අගමැති ධුරයට පත් වූ අතර එතැන් සිට මේ දක්වා ඇය බංගලාදේශයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ලබනවා.

