රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (07) සිට අද (07) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 955ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් සැකකරුවන් 39 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලීසිය සඳහන් කරන්නේ.
එසේම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 31දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්ය බළකාය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 51දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම විශේෂ මෙහෙයුමේදී පහත දැක්වෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අයිස් 261g
ගංජා 2kg 946g
ගංජා පැළ 58,234ක්
ගංජා සුරුට්ටු 12ක්
මාවා 3 kg 903g
තුල් 448g
මත්පෙති 1,403ක්
ඈෂ් 118g
මදන මෝදක ගුලි 41g

