උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර අතර මාර්ගය අද (07) දිනයේ සිට තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොළගේ මහතා සඳහන් කළේ, මහව සහ අනුරාධපුරය අතර මාර්ගය සංවර්ධනය කිරීම සඳහා මෙලෙස මාස 06ක කාලයකට එම කොටස වසා තැබෙන බවයි.
ඒ අනුව කොළඹ සිට මහව දක්වා සහ අනුරාධපුරයේ සිට කන්කසන්තුරය දක්වා පමණක් අද දිනයේ සිට දුම්රිය ධාවනය සිදු වනු ලබනවා.
මේ අතර, උතුරු දුම්රිය මාර්ගයට අමතර ව මඩකලපුව දුම්රිය මාර්ගය ද මේ වසර තුළ අලුත්වැඩියා කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
මඩකලපුව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ, ඒ යටතේ මඩකලපුවේ සිට යාපනය දක්වා නව දුම්රිය සේවයක් ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇති බවයි.

