2023 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා ශ්රී ලංකාවේ නිල සංචිත වත්කම්වල 23.2% ක වැඩිවීමක් වාර්තා වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.
ශ්රී ලංකාවේ නිල සංචිත වත්කම් 2023 නොවැම්බර් මාසයේදී ඩොලර් බිලියන 3.57 සිට 2023 දෙසැම්බර් මාසයේදී ඩොලර් බිලියන 4.4 දක්වා වැඩි වී තිබේ.
චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ ලබාදුන් ඩොලර් බිලියන 1.4ක මුදල ද මෙම සංචිත අතර වන බවයි මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ.

