උතුරු කොරියාව දකුණු කොරියාවේ යොන්පියොං දූපත දෙසට කාලතුවක්කු උණ්ඩ 200 කට අධික ප්‍රමාණයක් එල්ල කර ඇති බව වාර්තා වෙනවා.
මෙම යුධ අභ්‍යාසය හේතුවෙන් දකුණු කොරියානු රජය විසින් එම දූපතේ ජනතාවට සිට නිවෙස්වල රැඳී සිටින ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.
දකුණු කොරියාව මෙලෙස ප්‍රහාර එල්ල කිරීම ප්රකෝපකාරී ක්‍රියාවක් ලෙස හඳුන්වුව ද උතුරු කොරියාව දක්වා තිබෙන්නේ ප්‍රහාර හේතුවෙන් දූපතට කිසිදු හානියක් සිදු නොවුණු බවයි.
එල්ල කරන ලද උණ්ඩ කිසිවක් දකුණු කොරියානු රාජ්‍යයේ දේශසීමාව වෙත ඇතුළු වී නොමැති අතර ඒවා දෙරට අතර පවතින ආරක්ෂක කලාපයට වැටි ඇති බවයි වාර්තා වෙන්නේ.
මින් පෙර යොන්පියොං දූපත දෙසට එල්ල කරන ලද උතුරු කොරියානු යුධ අභ්‍යාස ප්‍රහාර හේතුවෙන් අවස්ථා කිහිපයක දී පුද්ගලයන් සිව් දෙනෙක් මිය ගොස් තිබෙනවා.

