ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතින බව ශ්රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල නොවෙනස්ව රු. 317.76 ක් වන අතර විකුණුම් මිල රු. 327.39 සිට රු. 327.46ක දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
කෙසේවෙතත් ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියල අවප්රමාණය වී තිබෙනවා.

