2025 වන විට අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම් සියල්ල සිදු කර අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු පළාත් රාජ්‍ය නිලධාරීන්ට අවධාරණය කර දී තිබෙනවා.
කිසිඳු අවතැන් පුද්ගලයෙක් 2025 වන විට ශ්‍රී ලංකාව තුළ සිටිය නොහැකි බවත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදී ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහි දී උපදෙස් ලබා දී තිබෙනවා.
යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ම ආවරණය වන පරිදි ලියාපදිංචි කර ඇති අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 1788ක් වන අතර ඊට අදාළ පැමිණිලි 1289 කට සම්මුඛ පරීක්ෂණ පවත්වා තිතිබෙනවා.බේ.
ඉතිරිව පවතින 500 ක පමණ පැමිණිලි සංඛ්‍යාව කඩිනමින් විභාග කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඉදිරි මාස හය ඇතුළත එම කාර්යය අවසන් කිරීම සඳහා අතුරුදන් වූවන්ගේ කාර්යාලය සමග සම්බන්ධ වී කටයුතු කරන ලෙසයි පැවසුවේ.

