විදුලි ගාස්තුව හැකි ඉක්මනින් අඩු කිරීමට පියවර

පසුගිය වසරේ ඔක්තෝබර් මාස සියයට 18 කින් ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් සියයට 50 ක් පමණ හැකි ඉක්මණින් අඩු කිරීමට පියවර ගන්නා බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා පවසනවා.

පසුගිය මාස තුනක කාලය තුළ අඛණ්ඩව ලැබුණු වාර්ෂාව හේතුවෙන් වැඩි ධාරිතාවයකින් යුතුව ජල විදුලිය ජනනය කිරීමෙන් ලැබූ ලාභය අනිවාර්යෙන් මහජනතාවට ලැබිය යුතු යන තීරණයේ ලංකා විදුලිබල මණ්ඩලය සිටින බවයි හෙතෙම අවධාරණය කරන්නේ.

විදුලිබල මණ්ඩලයේ පසුගිය වසරේ අවසන් ගිණුම් වාර්තාවල අන්තර් ගිණුම් වාර්තා මේ වන වි සකස් කරමින් සිටින බවත් එම වාර්තා සකස් කළ වහාම විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට යොමු කළ හැකි බවත් ඒ මහතා සඳහන් කළා.