දැනට වෙළෙඳපොළේ අලෙවි කරන පොහොර සඳහා VAT අය කළ හොත් වැට් බිල්පතක් ඉල්ලා සිටින ලෙස පොහොර සැපයුම්කරුවන් ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
දැනට වෙළෙදපොළේ අලෙවි කරන යුරියා, MOP, TSP වැනි රසායනික පොහොර සඳහා ජනවාරි 01 සිට ක්රියාත්මක කරන ලද වැට් අය කිරීමේ ප්රතිපත්තිය අදාළ නොවන බවයි පොහොර සැපයුම්කරුවෝ පෙන්වා දෙන්නේ.
එයට හේතුව දැනට වෙළෙදපොළේ අලෙවි කෙරෙන පොහොර ආනයනය කර තිබෙන්නේ, වැට් බදු ප්රතිපත්තිය ක්රියාත්මක කිරීමට පෙර වන අතර, ඊට වැට් බද්දක් අදාළ සමාගම් විසින් ගෙවා නැති වීමයි.
එසේම පළිබෝධනාශක සම්බන්ධ ව වැට් බදු අය කිරීමක් සිදු කළ යුතු වුව ද පළිබෝධනාශක අලෙවියෙන් ලබන ලාභය මත එම වියදම ආවරණය කර ගන්නා බැවින් මූලික මිල ගණන්වලට වැට් එකතු කිරීමක් සිදු නොකිරීමට තීරණය කර ඇති බව ද පලිබෝධ නාශක බෙදාහරින සමාගම් නියෝජිතයන් සඳහන් කර තිබෙනවා.

