රුපියලේ සුළු අවප්‍රමාණය වීමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 316.99 ක් ලෙස සහ විකුණුම් මිල රු. 326.69ක් ලෙස සටහන් වී තිබෙනවා.

කෙසේවෙතත් ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.