Microsoft සමාගම විසින් Android සඳහා සිය නවතම AI යෙදවුම එළිදක්වයි

Microsoft සමාගම විසින් මෑතක දී හඳුන්වා දුන් සිය නවතම AI යෙදවුම වන Copilot සඳහා Andriod application එකක් හඳුන්වා දී තිබෙනවා.

මේ වන විට Google Play Store හරහා ශ්‍රී ලංකාව ද ඇතුළුව ලොව සියලුම රටවලට පාහේ මෙම යෙදවුම download කර ගත හැකි වනවා.

මේ වන විට එය මිලියන එකකට අධික ප්‍රමාණයක් download කර ඇති බවයි google play store හි සඳහන් වෙන්නේ.

මෙම Copilot යෙදවුම ChatGPT ට බෙහෙවින් සමාන වන අතර එය chatbot එකක් ලෙස ක්‍රියා කරන අතරම AI images generate කිරීම, email සඳහා draft text සැකසීම යනාදී පහසුමක් ද එහි ඇතුලත් වන ලෙස සකසා තිබෙනවා.

එසේම Copilot හරහා OpenAI හි නවතම GPT-4 Model එක වෙත නොමිලේ ප්‍රවේශ වීමට ද හැකියාව ලබා දී තිබෙනවා.

තවමත් IOS සඳහා copilot app එකක් හඳුන්වා දී නොමැති නමුත් Microsoft Bing හරහා යමින් Mac OS පරිශීලකයන්ට Copilot භාවිතා කළ හැක.

The Copilot interface on Android