ත්‍රිකුණාමලය චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි 61ක් ඉදිකිරීම, ක්‍රියාත්මක කිරීම සහ පැවරීම යටතේ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ත්‍රිකුණාමලය චීන වරාය ඉහළ ටැංකි අංගනය ටැංකි 99 කින් සමන්විත අතර 2022 වසරේ ජනවාරි මස 3 වනදා පැවති අමාත්‍ය මණ්ඩලයේදී ගනු ලැබූ තීරණයකට අනුව ඉන් 61 ක් ත්‍රිකුණාමලය ඛණිජ තෙල් පර්යන්ත පෞද්ගලික සමාගමට බදු දීමට අනුමැතිය හිමි ව තිබුණා.
ඒ වසර 50ක කාලයකට බවයි වාර්තා වන්නේ.
එම ටැංකි 61 ක සංවර්ධනය කිරීම සඳහා අධ්‍යනයක් කිරීම ඇතුලුව මූලික පියවර ගෙන ඇති බවයි රජය ප්‍රකාශ කළේ.
මෙම ව්‍යාපෘතිය වසර 16ක් තුළ අදියර 7ක් යටතේ සංවර්ධනය කෙරෙනු ඇති බවට සඳහන්.
ඒ අනුව පළමු අදියර යටතේ ටැංකි 7 ක් ප්‍රතිසංස්කරණය, නල මාර්ග සකස් කිරීම සහ අනෙකුත් පහසුකම් ඉදිකිරීමට සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

