ඊයේ ජපානයේ හටගත් ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් මිය ගිය පිරිස 48 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සඳහන් කර ඇත්තේ ආපදා සහ ආරක්ෂක අංශ විසින් සුන්බුන් වලට යට වී සිටින පුද්ගලයන් බේරා ගැනීම සඳහා කාලය සමඟ දැවැන්ත සටනක දී සිටින බවයි.
භූ කම්පනයෙන් බලපෑම් එල්ල වුණු Suzu නගරයේහි නිවාස 1,000 කට හානි සිදුවී ඇති බව වාර්තා වෙනවා.
මේ වන විට නිකුත් කරන ලද සුනාමි අනතුරු ඇඟවීම් නිවේදය ඉවත් කර තිබෙන නමුත් ඉදිරියේ දී තවත් භූ කම්පන ඇති විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් විමසිලිමත්ව කටයුතු කරන ලෙස ජපාන වැසියන්ට දැනුම් දී තිබෙනවා.
මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ ජපානයට අවශ්‍ය ඕනෑම සහයක් ලබා දීමට ඇමරිකාව සූදානම් බවයි.
මේ ජපානයේ භූ කම්පනයෙන් සහ සුනාමිය හේතුවෙන් සිදු වූ හානිය දැක්වෙන රූපරාමු යි






