ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් මඩකලපුව, අම්පාර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය කිහිපය තුළ තවදුරටත් වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එසේම නැගෙනහිර, ඌව, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මාතලේ, පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි වනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 02න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ අතර දැදුරු ඔය, රාජාංගනය, කලාඔය, ලුණුගම්වෙහෙර, වෙහෙරගල, ඇතුළු ජලාශවල මේ වන විට වාන්දොරටු විවෘත කර ඇති බැවින් පහළ ප්‍රදේශවල ජනතාව අවදානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශවල ජල මට්ටම සියයට 92ක් පමණ දක්වා ඉහළ ගොස් තිබෙන බව සඳහන්.

