නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 05ක් වෙත නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව එම අනතුරු ඇඟවීම් අද (30) ප.ව. 2:30 සිට හෙට (31) ප.ව. 2:30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුවබදුල්ල දිස්ත්‍රික්කයේ සොරනාතොට, පස්සර යන ප්‍රදේශවලට, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයට, මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම ප්‍රදේශයට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත, වලපනේ ප්‍රදේශවලට අදාළ වන පරිදි එම නායයෑමේ අනතුරු ඇඟවීමේ (මට්ටම 2 යටතේ) නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පරිසරයේ සිදුවන වෙනස්කම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසය.

එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, හාලිඇල සහ බණ්ඩාරවෙල ප්‍රදේශ සහ මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලෙගම, රත්තොට, නාඋල යන ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.