පසුගිය පැය 24ක කාලය තුළ දී යුක්රේනය විසින් නිරිතදිග රුසියාවේ ඉලක්ක වෙත මාරාන්තික ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව රුසියානු බලධාරීන් සඳහන් කරනවා.
මෙම ප්‍රහාර හේතුවෙන් රුසියාවේ බෙල්ගොරොද් නගරයේ ළමුන් දෙදෙනෙකු ඇතුළු 14 දෙනෙකු මිය ගොස් තවත් විශාල ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි රුසියාව පවසන්නේ.
මෙම ප්‍රහාරයෙන් අනතුරුව රුසියාව විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් වහාම රැස්වීමක් පවත්වන ලෙස ඉල්ලීමක් ද කර තිබෙනවා.
රුසියාව සඳහන් කරන්නේ යුක්රේනයට ආයුධ සපයන ඇමරිකාව වැනි රටවල් ද මෙම ම්ලේච්ච්ඡ ප්‍රහාරයට වග කිව යුතු බවයි.
බෙල්ගොරොඩ් යනු යුක්රේන දේශසීමාවේ සිට සැතපුම් 20ක් (32km) පමණ දුරින් පිහිටා තිබෙන රුසියානු නගරයක් වනවා.
මෙය වසර දෙකකට පමණ කාලයක් පැවති යුක්රේන රුසියානු යුද්ධයේ රුසියාවට එල්ල වුණු දරුණුතම ප්‍රහාරය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

