2023 වසරේ දෙසැම්බර් 29 දක්වා කාලය තුළ ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 12.1% කින් අතිප්රමාණ වී තිබෙනවා.
එසේම ශ්රී ලංකා රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 19.5ක්, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 6 ක්, ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 12.6 ක් සහ යුරෝවලට සාපේක්ෂව සියයට 7.9 කින් අතිප්රමාණ වී ඇති බවයි මහ බැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශකයේ සඳහන් වෙන්නේ.
අදාළ සම්පූර්ණ වාර්තාව පහත ලින්ක් එක හරහා ලබා ගත හැකි වේ. https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_20231229_e.pdf

