VAT බදු සංශෝධනය කිරීමට රජය ගත් තීරණයත් සමග ජනවාරි මස පළමු වනදා සිට විදුලි සංදේශ සේවා සඳහා වන බදු ද ඉහළ නැංවෙන බව දුරකථන සමාගම් පවසනවා.
VAT 3% කින් වැඩි වීමට සාපේක්ෂව විදුලි සංදේශ සේවා සඳහා වන බද්ද ද 3% කින් ඉහළ නැංවෙන බව යි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඒ අනුව සියලු ඇමතුම් ගාස්තු, අන්තර්ජාල සේවා ගාස්තු, මුදල් ගෙවා ලබාගනු ලබන රූපවාහිනී සේවා ගාස්තු යනාදී සියලු සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු ඉහළ නැංවෙන බව දුරකථන සමාගම් නිවේදනය කර ඇත.
එසේම ඇතැම් පෙර ගෙවුම් කාඩ්පත් සඳහා වන ගාස්තු ඉහළ දැමීමක් සිදුකර නොමැති අතර එමගින් ලබාදෙන දත්ත කෝටාව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ථ ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා සඳහන් කළේ වැට් බදු හේතුවෙන් තම ව්‍යාපාර පවත්වාගෙන යාම දැඩි අවධානමකට ලක්වී ඇති බවය

