රුසියාව සහ යුක්රේනය අතර ඇති යුද්ධයේ දී රුසියාව විසින් එල්ල කළා යැයි සැලකෙන දරුණුතම ප්‍රහාරය සිකුරාදා එල්ල කර තිබෙනවා.
යුක්රේනය සඳහන් කරන්නේ Kyiv, Odesa, Dnipropetrovsk, Kharkiv සහ Lviv යන නගර ඉලක්ක කර ගනිමින් මෙම මිසයිල බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබූ බවයි.
ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙක් පමණ ජිවිතක්ෂයට පත් වී ඇති අතර තවත් පුද්ගලයන් 160 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සඳහන් කර ඇත්තේ රුසියාව විසින් විවිධ වර්ගවල ආයුධ විශාල ප්‍රමාණයක් භාවිත කරමින් මෙම ප්‍රහාරය දියත් කර ඇති ඇති බවයි.
යුක්රේන ගුවන් හමුදාව පවසා ඇත්තේ මෙම ප්‍රහාරයේ දී තරම් එකවර මිසයිල සංඛ්‍යාවක් පහර දෙන ආකරය ඔවුන් මින් පෙර දැක නොතිබුණු බවයි.
රුසියාව සඳහන් කර තිබුනේ යුක්රේනයේ යුධ මරමස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය දියත් කළ බවයි.

