පැය 24ක් තුළ අවම වශයෙන් පලස්තීන වැසියන් 241ක් ජිවිතක්ෂයට

ගත වූ පැය 24 තුළ ඊශ්‍රායල විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයන් 241 දෙනෙක් ජිවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වෙනවා.

එසේම එම කාලය තුළ පුද්ගලයන් 382 දෙනෙකු ද තුවාල ලබා ඇති බව හමාස් සෞඛ්‍ය අංශ සඳහන් කර තිබෙනවා.

Tulkarem හි පිහිටි Nur Shams නම් සරණාගත කඳවුරට එක රැයකින් එල්ල වූ ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින් පලස්තීනුවන් හය දෙනෙකු ද මිය ගොස් තිබෙනවා.

සිය ජනතාවට එරෙහිව අපරාධයක් ලෙසයි පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් යුද්ධය හඳුන්වා දී ඇත්තේ.

මේ අතර ඊශ්‍රායල හමුදා ප්‍රධානී හර්සි හලේවි කියා සිටියේ හමාස් සංවිධානය සමඟ ගැටුම තවත් මාස ගණනාවක් පවතිනු ඇති බවයි.