ගැබිණි මව්වරුන්, කුඩා දරුවන් සහ කිරිදෙන මව්වරුන් සඳහා ලබා දෙන ත්‍රිපෝෂ පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් භයානක අනාවරණයක් සිදු කර තිබෙනවා.
ඔහු සඳහන් කර ඇත්තේ ත්‍රිපෝෂ නිෂ්පාදනයට ගන්නා බඩ ඉරිඟුවල අන්තර්ගත විය හැකි ‘ඇෆ්ලටොක්සින්’ නමැති විෂ රසායන ප්‍රමාණය දෙගුණයක් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
එම කැබිනට් තීරණයට අනුව ත්‍රිපෝෂවල දැනට අඩංගු වන බඩඉරිඟු කොටස් බිලියනයක ‘ඇෆ්ලටොක්සින්’ කෝටස් 5ක ප්‍රමාණය 10ක් දක්වා ඉහළ දමන බවද ඔහු සඳහන් කර සිටියා.
‘ඇෆ්ලටොක්සින්’ නැමැති රසායනිකය ශරීරගත වීමෙන් අක්මාවට හානි විය හැකි නිසා එම රසායනිකය පිළිකා කාරකයක් ලෙස පිළිගැනෙන බවයි පුබුදු ජයගොඩ පැවසුවේ.
අදාළ කැබිනට් තීරණයත් සමඟ 1980 අංක 26 දරණ ආහාර පනත සංශෝධනය කිරීමට නියමිත අතර එමගින් කුඩා දරුවන් සහ මව්වරුන් ඇතුළු සියල්ලන්ගේ ජීවිත අවදානමට ලක්වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

