ප්‍රවීණ කෘතහස්ත රංගන ශිල්පීක් වන රෙක්ස් කොඩිප්පිලි මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
සිංහල රිදී තිරයේ ස්වර්ණමය යුගය හැඩ කළ තවත් ශ්‍රේෂ්ඨ රංගන ශිල්පියකු ලෙස රෙක්ස් කොඩිප්පිලි මහතා හැඳින්විය හැක.
සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට අමරණීය හැඩයක් එක් කළ රෙක්ස් කොඩිප්පිලි මහතා, චිත්‍රපට 150කට ආසන්න ප්‍රමාණයක සිය රංග ප්‍රතිභාව විශද කළ අයෙක් වනවා.
රක්තා, මුවන්පැලැස්ස 1, 2, 3, උතුමාණෙනි, කොටි වලිගය, අහිමි දඩමං, හුලවාලි, චන්දිරා, සංඛපාලි, මරුවා සමග වාසේ යන චිත්‍රපට ඔහු විසින් රඟපෑ ප්‍රසිද්ධ චිත්‍රපට ලෙස හැඳින්විය හැකි වනවා.
එසේම ඔහු අහස් මාළිගා, බයිසිකලේ ආදී වූ චිත්‍රපට නිෂ්පාදනය කරමින් ද සිංහල සිනමාව පෝෂණය කිරීමට දායක වුණා.
1946 මෙලොව එළිය දුටු රෙක්ස් කොඩිප්පිලි මහතා මිය යන විට 85 වැනි වියේ පසු වුණා.

