අස්වැසුම සඳහා නැවත අයදුම් කිරීමේ අවස්ථාව

ලබන ජනවාරි මාසයේ දී අස්වැසුම වැඩපිළිවෙල සදහා නැවත අයදුම් කිරීමට අවස්ථාව සලසා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ දී අද(22) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ.

පෙර තෝරා ගැනීම් වටවලදී පැවති අඩුපාඩු සහ දුර්වලතා මඟහරවා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන්.