2022/2023 අ.පො.ස උසස් විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ අයදුම්පත් කැඳවීම අද (22) සිට ආරම්භ වෙනවා.
අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් කැඳවීම සිදු කරනු ලබන අතර එය ලබන 29 වනදා දක්වා සිදුකෙරෙන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියා සිටියේ.
අයදුම්පත් යොමුකිරීම සම්බන්ධව වැඩිදුර විස්තර සහ කොන්දේසි විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකියි.
මේ අතර මින් පෙර විශ්වවිද්‍යාල සදහා අයදුම් කර z ලකුණු මත විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් සඳහා UGC ලියාපදිංචි වීම් ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඒවා කාණ්ඩ යටතේ සිදු කෙරෙන බවයි සඳහන් වෙන්නේ.

