වසර 03කට පසුව මෙවර අයවැය මඟින් රුපියල් මිලියන 11,250ක් දිස්ත්‍රික් විමධ්‍යගත අය වැය ලෙස වෙන් කර ඇති බවත්, එම මුදල් එළැඹෙන ජනවාරි මාසයේදී සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සමඟ අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡවේදීයි.
රට මුහුණදුන් ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසර 03ක කාලයක් දිස්ත්‍රික්ක සඳහා විමධ්‍යගත අයවැය ලබා නොදීම හේතුවෙන් ග්‍රාමීය ආර්ථිකය මෙන්ම සංචාරක කර්මාන්තය ඇතුළු බිම් මට්ටමේ ව්‍යාපෘති කඩා වැටීමකට ලක් වූ බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
එම ව්‍යාපෘති නැවත කඩිනම් කර ග්‍රාමීය ජනතාවට ප්රතිලාභ ලබාදීම රජයේ අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සියලු සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන ලෙස දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට මෙහි දී උපදෙස් ලබා දීමක් ද සිදු කරනු ලැබුවා.
එසේම සංවර්ධන කාර්යයේදී මධ්‍යම රජය සහ පළාත් සභා ලෙස බෙදී වෙන් නොවී සියලුදෙනා එකම වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා විසින් අවධාරණය කරනු ලැබුවා.

