ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව නොවැම්බර් මාසයේදී මෙරට උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව නොවැම්බර් මාසයේදී උද්ධමනය සටහන් වූවේ 2.8%ක් ලෙසටය.
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝබර් මාසයේදී උද්ධමනය 1%ක් ලෙස සටහන් විය.
මේ අතර ඔක්තෝබර් මාසයේ -5.2% ට පැවති ආහාර උද්ධමනය ද නොවැම්බර් මාසයේදී -2.2%ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2023 ඔක්තෝම්බර් මාසයේදී 6.3% ක් ලෙස පැවති අතර එය නොවැම්බර් මාසයේදී 7.1% ක් දක්වා ඉහළගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

