ඇමරිකාවෙන් කොරෝනා ආසාදිත මරණ 1,224ක්

ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් කොරෝනා ආසාදිත මරණ 1,224ක් වාර්තා වී තිබෙනවා.

එරට නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් පමණක් අලුතින් මරණ 630ක් වාර්තා වී ඇති අතර මෙතෙක් එම ප්‍රාන්තයෙන් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවද මෙය වනවා.

එමෙන්ම , එරට කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාවද 8,452ක් බවයි වාර්තා වන්නේ.