පාසල් වාරය ආරම්භ වූ වහාම පන්ති කව පවත්වන්න – අධ්‍යාපන ඇමති

පාසල් වාරය ආරම්භ කර පළමු දෙසතිය ඇතුළත සෑම පාසලකම පන්ති කව පැවැත්වීමට විදුහල් ප්‍රධානීන් විසින් කටයුතු කළ යුතු සුසිල් ප්‍රේම්ජයන්ත අමාත්‍යවරයා අවධාරණය කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ දෙමව්පියන් සහ පන්තිභාර ගුරුවරුන් අතර සහ සම්බන්ධය වඩාත් ශක්තිමත් කිරීමට මෙම රැස්වීම් වඩාත් උපකාරී වන බවයි.

“අවුරුද්දක් පටන් ගන්නකෝට අඩුම තරමේ පන්තියක් ගාණේ ශ්‍රේණියක් ගාණේ දෙමාපියන්ට එන්නැයි කියලා ඒ දරුවෝ ටික පන්තිභාර ගරුතුමිය, යම් පැහැදිලි කිරීමක් කරනවා. අවුරුද්දේ වැඩපිළිවෙල, දරුවන්ගේ විනය ගැන, ඒවා ආරක්ෂා කරගන්නේ කොහොමද කියල අවබෝධයක් දෙනවා. අපි චක්‍රලේඛය සංශෝධනය කරනවා. පෙබරවාරි 19 පටන් ගත්තාහම අනිවාර්යයෙන්ම රජයේ පාසල් හැමඑකකම පන්ති කව පවත්වන්න ඕනේ පළමු සතිය දෙක ඇතුළත. වාරයක් අවසන් වෙද්දි සාමාන්‍යයෙන් තියෙනවා. වර්ෂ අවසාන වෙද්දි තව වතාවක් තියෙනවා. ඒ එක්ක තමා දෙමාපියන් හා පාසල අතර මනා සම්බන්ධතාවයක් පවත්වන්න පුළුවන්. කොවිඩ් නිසා ඒවා අඩාල වුණා. ඒවායේ ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා අපි නැවත ඒ තත්ත්වයට මේ කේෂ්ත්‍රයට පත්කරන්න ඕනේ.”