ඊයේ දිනයේ රාජගිරිය KFC ආයතනය විසින් “buy one, get one free” offer එකක් යටතේ නරක් වූ කුකුළු මස් අලෙවි කිරීමක් සම්බන්ධයෙන් පාරිභෝගිකයෙක් විසින් එම ආයතනයට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අලෙවිසැල පරීක්ෂාවට ලක් කළ අතර එහි දී අලෙවිසලේ තිබී සොයා ගත නරක් වූ ආහාර විනාශ කිරීමට පියවර ගනු ලැබුවා.
මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් දක්වමින් KFC ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාරිත්වය විසින් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
එහි දක්වා තිබෙන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් බෙහෙවින් කනගාටු වන බවත්, ඒ හේතුවෙන් සිදු වූ අපහසුතාවයට සමාව ඉල්ලා සිටින බවත් ය.
එසේම තම නිෂ්පාදන සහ සේවා ගුණාත්මක භාවයේ ඉහළම ප්රමිතීන් ආරක්ෂා කිරීමට ආයතන කැප වෙන අතර අනෙක් අලෙවිසැල්වල ඇති ආහාර වවල ගුණාත්මකභාවය තහවුරු කිරීමක් ද ඔහු මෙහි දක්වා තිබෙනවා.
අදාළ පණිවිඩය පහතින්,


