ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යයි

මේ වනවිට දිනකට වාර්තා වන ඩෙංගු රෝගීන් ප්‍රමාණය 300ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අතරින් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එය 38,164ක් ලෙස දැක්වෙනවා.

2023 වර්ෂයේ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 83,065ක් වාර්තා වී තිබෙනවා.

එසේම ඩෙංගු අධි අවදානම් කලාප 65ක් රට පුරා දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන ඇති අතර ඩෙංගු මරණ 49ක් වාර්තා වී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරන්නේ කිසියම් පුද්ගලයකුට උණ රෝගය පැය 48ක් පුරා පවතින්නේ නම් එය ඩෙංගු බවට සැක කර සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන ලෙසයි.