අද ඩොලරයේ වටිනාකම

සඳුදාට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරනවා.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 321.92 ක් ලෙස සහ විකුණුම් රු. 331.64ක් ලෙස දක්වා තිබෙනවා.

එසේම ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් තිබෙනවා.